පලාතෙන් පලාතට තුනපහ හදන විදිහ වෙනස් . මම කලින් හදපු තුනපහ වගේ ම තමයි මේකත් . නමුත් පොඩි පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා ඒ තුනපහ එකට වඩා . මම මාස කීපයක් මේ තුනපහ හදලා පාවිච්චි කරනවා . පසුව මේක ඉවර වෙනකොට අනිත් විදිහට හදනවා . ඔයවගේ මාරුවෙන් මාරුවට මම තුනපහ වර්ග වෙනස් කර කර හදනවා . ඉතින් මට හිතුනා ඒ හදන තුනපහ වර්ග ඔයාලටත් කියලා දෙන්න . මේ මම පලකරන දෙවෙනි තුනපහ වර්ගය.
මෙම තුනපහ එළවලු වර්ග වලටත් වගේම මස් මාළු වලටත් යොදා ගන්න පුළුවන් . නමුත් මස් මාළු සදහා යොදා ගන්නේ නම් තුනපහ කබලේ බැදලා ගන්න .එවිට වඩාත් රසට මස් මාළු පිළියෙළ කර ගන්න පුළුවන් .
ගොඩක් අය කියන දෙයක් නේ කොහොම ඉව්වත් . මොනවා දැම්මත් එළවලු රස නෑ අනේ කියලා . මේ මම හදලා පලකරලා තියෙන ක්‍රම වලින් ඕනෑම ක්‍රමයකට තුනපහ හදලා එළවලු වර්ග උයලා බලන්නකෝ . ගෙරද අයම කියයි අද වෙනදාට වඩා කෑම රසයි කියලා .
හැබැයි ඉතින් උයන පිහනකොට ඒ ඒ එළවලු සහ මස් මාළු වර්ග වලට තුනපහ , ලුණු , මිරිස් , ඇඹුල් නියමිත පරිදි යොදා ගන්නත් අමතක කරන්න එපා . මොකද හැම දේම නියමිත ප්‍රමාණ වලට ආවම තමයි කෑම රස වගේම සුවඳකුත් ඇති වෙන්නේ .
අවශ්‍ය දේවල්
--------------------------------
1. කොත්තමල්ලි 125 ග්‍රෑම්
2. මාදුරු 50 ග්‍රෑම්
3 . සුදුරු 75 ග්‍රෑම්
4. කරාබුනැටි 10 පමණ
5. කරදමුංගු කරල් 15 ක් පමණ
6. ගම්මිරිස් 30 ග්‍රෑම්
7. උළුහාල් 30 ග්‍රෑම්
8. සාමාන්‍ය තරමක කුරුදු පොතු කෑල්ලක් ( අඟල් 1 ක 1 1/2 ක පමණ )
9. අබ තේ හැඳි 1 ක් පමණ
10. කැකුළු හාල් ග්‍රෑම් 60 පමණ
11. කඩල පරිප්පු මේස හැඳි 1
12. කරපිංචා 60 ග්‍රෑම් පමණ
13. රම්පා කැබැල්ලක් ( අඟල් 2 ක් පමණ )
14. සේර තරමක කොටසක් (අඟලක් දෙකක් පමණ )
අමු තුනපහ සාදන ක්‍රමය
------------------------------------
1. මුලින්ම මේ සියල්ලම සෝදා වතුර ඉවත්වෙන තුරු තබා හොදින් වියලා ගන්න .
2. අඩුම ගින්දරේ මේ සියල්ලම කබලේ බැදගන්න . ඒ වගේම හොදින් මතකතියා ගන්න මේ සියලුම කුළුබඩු වල පැහැය නොවෙනස් වන අයුරින් යන්තම් රත් කර ගන්න .
No comments:
Post a Comment